Monday, September 30, 2013

පරිගණකයෙන් මැකීගිය දත්ත නැවත ගන්න හැටි

ඔබේ මැකීගිය දත්ත නැවත ලබාගන්නහැටි - Data Recovery

                අපි සාමාන්‍යයෙන් ෆයිල් එකක් ඩිලිට් කරද්දි ඒක යන්නේ recycle bin එකට කියලා හැමෝම දන්නවනේ...? ඒත් වැරදීමකින් හරි ඒකෙ තියෙන මොනවහරි වැදගත් file එකක් ඩිලිට් උනොත් කොච්චරනම් සතුටක් ඇතිවෙනවද....lollllzzz :-D කියල නිම කරන්න බෑ නේද? හරි.. ඒකට ක්‍රමයක් තියෙනවා. ඒ තමයි Data recovery software එකක් පාවිච්චි කරලා අවශ්‍ය files recover කරගන්න එක..ඊට කලින් ..file එකක් delete උනාම අනුගමනය කරන්න ඕන ක්‍රම කීපයක්ම තියෙනවා...

1. delete උන file එක තිබුන පාටිෂන් එකට (උදාහරණයක් ලෙස file එක ති‍බු‍ණෙ D:\new folder\ කියන තැන නම්) කිසිම file එකක් copy කරන්න එපා.

2. ඒ වගේම අපි දෙන software එක ඒ පාටිෂන් එකට install කරන්නත් එපා.

3. අනිත් වැදගත් දේ තමයි recover කරන ෆයිල් වෙනත් තැනකට save කරගන්නත් මතක තියාගතයුතුයි..

දැන් බලමු කොහොමද මේක කරන්නෙ කියලා.. මුලින්ම අපි software එක download කරගෙන install කරගමු. මෙන්න මෙතනින් software එක download කරගන්න. දැන් මේක සාමාන්‍ය විදියට පරිගණකයේ C:\ පාටිෂන් එකේ හරි delete වුණු data නැති වෙන පාටිෂන් එකකහරි install කරගන්න ඕන. ඊට පස්සෙ software එක open කරගන්න. දැන් දැකගන්න පුළුවන් මේවගේ window එකක්.


1.Delete file Recovery: මෙතනින් එවෙලේම delete උන file එකක් recover කරගන්න පුළුවන්කම තියෙනවා.ඒකට මෙතන ක්ලික් කරන්න.එතකොට දැකගන්න පුළුවන් මේ වගේ window එකක්.


දැන් delete වුණු file එක තියෙන පාටිෂන් එක select කරලා NEXT බට්න් එක ක්ලික් කරන්න. එතකොට එනවා delete වෙලා තියෙන file list එක.

දැන් recover කරගන්න අවශ්‍ය file එක හෝ කීපය select කරලා NEXT බට්න් එක ක්ලික් කරන්න. දැන් පහළින් තියෙන විදියෙ window එකක් දැකගන්න පුළුවන් වෙයි...
recover කරන file save වෙන්න ඕන තැන තමයි මෙතනින් ලබාදෙන්න ඕන, හැබැයි මතක තියාගන්න delete වුන file තියෙන folder එක/ පාටිෂන් එක නම් තෝරන්න එපා...! වෙන තැනක් ලබාදීලා NEXT බට්න් එක ක්ලික් කළාම ටික වෙලාවකින් file ටික extract වෙනවා.
දැන් මෙන්න මේ විදියට එන window එකේ පෙන්නනවා Recover කරගත්ත file save වුනු තැන. උඩ තියෙන රූපයේ විදියට link එක උඩ ක්ලික් කළාම අවශ්‍ය ‍file save වුන folder එක open වෙනවා. ඒ folder එක ඇතුලේ අපි recover කරගත්තු file පෙන්වනවා. දැන් අපේ වැඩේ සාර්ථකයි. ඒත් මේ වැඩෙත් හරි ගියෙ නැත්තන් අපිට පුළුවන් දෙවෙනි ක්‍රමය පාවිච්චි කරන්න.

මෙතනින් complete recovery ක්‍රමය තෝරගෙන අර මුලින් කරපු විදියටම වැඩ ටික කළාම තවත් සාර්ථකව අපේ file recover කරගන්න පුළුවන්....


No comments:

Post a Comment