Monday, October 7, 2013

Autorun.inf සහ වයිරස්


මොකක්ද මේ Autorun.inf ?

 මොකක්ද මේ Autorun.inf කියන ෆයිල් එක???? එතකොට වයිරස් එක්ක මේ ෆයිල් එකට තියෙන සම්බන්ධය මොකක්ද???? සමහර අය මේ ගැන දන්නවත් ඇති, සමහර අය නොදන්නවත් ඇති. මේ ලිපිය ලියෙන්නෙ ඒ දෙගොල්ලන්ටම...මේ ෆයිල් වර්ගය අපිට දැකගන්න පුළුවන්  වෙන්නෙ ගේම්, සොෆ්ට්වෙයා(ර්) වගේ මෘදුකාංග අඩංගු වෙලා තියෙන CD, DVD තැටිවල. ඒ වගේම මේ ෆයිල් වර්ගය Removeble Media යටතට ගැනෙන පෙන්ඩ්‍රයිව් (Pendrive, FlashDrive) වගේ අපි ෆයිල් එහාමෙහා ගෙනියන්න එදිනෙදා පාවිච්චි කරන උපාංගවල මේ ෆයිල් එක දැකගන්න පුළුවන්. මේ ෆයිල් එක පාවිච්චි කරන්නෙ අදාල සීඩී.ඩීවීඩී තැටටියේ හරි පෙන් ඩ්‍රයිව් එකේ හරි තියෙන ප්‍රෝග්‍රෑම් එකක් ඔටෝරන් (Autorun) කරවන්න. ඒකෙන් අපිට ලේසියෙන් CD එකක් හරි DVD එකක් හරි දැම්මමඒකේ තියෙන ප්‍රෝග්‍රෑම් එක Install කරගන්න ලේසි වෙනවා. අපි ‍පොඩ්ඩක් බලමු මේ ෆයිල් එකක පෙනුම සහ ක්‍රියාකාරිත්වය කො‍හොමද කියලා.


මේක තමයි ඔටෝ‍රන් ෆයිල් එකේ ‍සාමාන්‍ය පෙනුම... ඒත් ඒක වැඩකරන්නෙ මෙහෙමයි....

මේ තමයි ෆයිල් එ‍කේ ඇතුලත් වෙලා තියෙන ‍කෝඩ් එක....

දැන් ටිකක් පැහැදිළි ඇතිනෙ ඔටෝරන් ෆයිල් එකකින් මොකද වෙන්නෙ කියලා. එතකොට වයිරස් අතර තියෙන සම්බන්ධය මොකක්ද? දැන් ඔයාලා දන්නවනේ මේ ෆයිල් වර්ගය තියෙන පෙන් එකකින් හරි, සීඩී එකකින් හරි ප්‍රෝග්‍රෑම් එකක් රන් කරවන්න පුළුවන් කියලා. ඉතින් වයිරස් කියන්නෙත් නරක වැඩසටහන් වර්ගයක්නෙ එතකොට මේ වයිරස් වගේ නරක වැඩසටහන් අපේ පරිගණකයට ඇතුල් වෙන්නත් මේ ෆයිල් එක ගොඩාක් උදව් වෙනවා. ඒ නිසා පෙන්ඩ්‍රයිව් එකක් වයිරස් තියෙන පරිගණකයකට සම්බන්ධ කරලා ආයෙත් ඔබේ පරිගණකයට සම්බන්ධ කරද්දි පොඩ්ඩක් ප්‍රවේසම් වෙන්න ඕනි. ඒ කියන්නෙ එකපාරටම පෙන් එක උඩ ඩබල් ක්ලික් කරලා හරි, නැත්තන් රයිට් ක්ලික් කරලා Open, Explore වගේ දීලා පෙන් එක ඕපන් කරන්න උත්සාහ කරන්න එපා..එහෙම උත්සාහ කළොත් ඒ වෙලාවෙම පෙන් එක ඇතුලේ තියෙන  වයිරස් ෆයිල් එක ක්‍රියාත්මක වෙලා ඔබේ පරිගණකය ලෙඩ කරවනවා. එහෙම නොවෙන්න පොඩි උපක්‍රමයක් තියෙනවා. ඒත් AVAST ‍වගේ වයිරස් ගාඩ් එකක් තියෙන අයනම් මේ ගැන බයවෙන්න ඕනි නෑ. මොකද පෙන් එක හදුනගත්තගමන් වයිරස් ගාඩ් එක ක්‍රියාත්මක වෙලා අර ඔටෝරන් ෆයිල් එක ඩිලීට් කරලා දානවා.
ඒත් එහෙම නැති අයට බේරෙන්නත් පුළුවන්. ඒ තමයි My Computer ඕපන් කරගෙන පෙන් එක කෙලින්ම ඕපන් කරන්නැතිව ඇඩ්‍රස් බාර් එකේ පෙන් එකේ ඩ්‍රයිව් ලෙටර් එක (ඒ කියන්නෙ පෙන් එකේ වරහන් ඇතුලෙ තියෙන අකුරයි :\ සංකේතයයි) ටයිප් කරලා Enter කළාම හරි. උදා:ඔබේ පෙන් එකේ නමට ඉදිරියෙන්
තියේවි THISHAN (M:) කියලා , දැන් ඇඩ්‍රස් බාර් එකේ ටයිප් කරන්න ඕනෙ M:\ විදියට, ඊට පස්සෙ Enter කළාම පෙන් එක ඇතුල් වෙන්න පුළුවන්,


දැන් වයිරස් ඇතුල් වෙන්නෙත් නෑ..හැබැයි ‍එහෙම කියලා වයිරස් ඇතුල් වෙන එක නවත්තන්න බෑ, පෙන් එකට ඇතුල් උනාට පස්සෙ බැරිවෙලා හරි වයිරස් ෆයිල් එකක් ඕපන් කලොත් එහෙම ආයෙ වයිරස් වලින් බේරිලා වැඩක් නෑ. මම දකින විදියට නම් අපේ පරිගණකයට ‍ගොඩක් දුරට වයිරස් එන්නෙ පෙන් ඩ්‍රයිව් වගේ බාහිර උපාංග වලින්. ඉතින් අපි ඒවගෙන් ගැලවිලා ඉන්න දැනගන්න ඕන. මේ ගැන විස්තර දැනට ඇති කියලා හිතනවා, ‍මේ වගේ පෙන් ඩ්‍රයිව් වලින් හරි, බාහිර උපාංගවලින් හරි එන්න පුළුවන් තවත් වයිරස් වර්ග ගැන පස්සෙ ලිපියක් ලියන්නම්.

මොනවහරි ගැටළුවක් තියෙනවනම් කමෙන්ට් එකක් දාන්න,
එහෙම නැත්තන් මගේ ඊමේල් ඇඩ්‍රස් එකට chinthaka920@gmail.com යොමු කරන්න.

No comments:

Post a Comment